
(ජේ ඒ එල් ජයසිංහ)
මහනුවර දිස්ත්‍රික්කයේ නායයාම් පස්කඳු සහ ගල් පර්වත පෙරළීම් හේතුවෙන් සිදූවූ 50 දෙනකු මියගොස් තවත් 67 දෙනකු,අතුරුදහන් වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවැසිය.
එහිදී වැඩි දුරටත් කරණු අනාවරණය කළ දිස්ත්‍රික් ලේකම්වරයා ,ආපදා හේතුවෙන් දිස්ත්‍රික්කයේ අවතැන්වූ සංඛ්‍යාව 2639 ක් බවද , එම පිරිස අවතැන් කඳවුරු 76 ක ආරක්ෂිතව නවාතැන් ගන්වා ඔවුනට අවශ්‍ය පහසුකම් සපයා දීමට පියවර ගෙන ඇති බවත් ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ෂ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාර හක්මන , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජානකී සෙනවිරත්න ,මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඉන්දික රණවීර යන මහත්ම මහත්මිහූ සහභාගි වූහ.

