(බිඟුන් මේනක ගමගේ)
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට තම උපවාසය අත්හරින්නැයි බල කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සැකැසූ ලියවිල්ලකට අත්සන් කරන මෙන් කළ ඉල්ලීමක් දිවයිනේ ප්‍රධාන පෙළේ හිමිපාණන් වහන්සේ නමක විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. උන්වහන්සේ වැඩවසන නුගේගොඩ පිහිටි විහාරස්ථානයට අද (27 වැනිදා) ගොස් මෙම ඉල්ලීම කර ඇත්තේ විමල් වීරවංශ මහතාට හිතවත් මන්ත්‍රීවරුන් පිරිසකි.
අතර එහිදි ඉතාම කාරුණිකව උන්වහන්සේ මෙම ප්‍රතික්ෂේප කිරීම කර ඇතැයි විශ්වාසනීය ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
එම ලියවිල්ලට අනෙකුත් මහානායක හිමිවරුන් අත්සන් කළහොත් තමන් වහන්සේටද ඒ ගැන සලකා බැලිය හැකි යැයි උන්වහන්සේ එම නියෝජිතයන් පිරිසට පවසා ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

