රුපියල් විසි අට ලක්ෂයක් වටිනා රත්තරන් කැබලි දෙකක් සහ රන් ආභරණ දෙකක් ගුද මාර්ගයේ සහ කකුලේ ගැට ගසාගෙන ඉන්දියාවේ කොචින් නුවර බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකික අඹු සැමි යුවලක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරන අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසීය.
සැකකාර අඹු සැමි යුවල කල්මුනේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. සැමියාගේ වයස අවුරුදු 56 ක් වන අතර බිරිඳගේ වයස අවුරුදු 46 කි.
සැමියා ග්‍රෑම් තුන්සිය පනහක් බර රන් කැබලි දෙකක් ගුද මාර්ගයේ සගවාගෙනද බිරිද ග්‍රෑම් දෙසීයක් බර මතුපිටින් රිදී ආලේපිත රන් ආභරණ දෙකක් කකුලේ බැදගෙනද යාමට උත්සහ කළ බව රේගුව කියයි.
මොවුහු ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 165 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ කොචින් නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ මෙහෙයවීමෙන් රේගු නිලදාරීහු සිදු කරති.