ලංකා විදුලිබල මණ්ඩලයේ නව විදුලි ගාස්තු වැඩිවීමට විරෝධය දක්වමින් ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය මහජන උපයෝගීතා කොමිසමට යෝජනා අද (28) ඉදිරිපත් කළේය.
විදුලි පාරිභෝගික සමිති 110 ක් නියෝජනය කරමින් මෙම ව්‍යාපාරය කොල්ලුපිටියේ ශාන්ත මයිකල් පාරේ පිහිටි එම කොමිසම ඉදිරිපිට දී නිහඩ විරෝධතාවක්ද පැවැත්වීය.
මහජනයාට සහය වන අයුරින් විදුලි සංශෝධනය කරන ලෙස ඔවුහු කොමිසමෙහි සභාපති නීතීඥ ආචාර්ය ජයතිස්සද කොස්තාට සංදේශයක්ද බාර දුන්නේය.