ජනසතු සේවා මේස පන්දු සංගමයේ මෙහෙයවීමෙන් ඉකුත්දා පැවති පිළිමළුන් පිටුදැකීමේ මේස පන්දු තරගාවලියේ කාණ්ඩ තුනක ශූරතා දිනා ගැනිමට මහජන බැංකු මේස පන්දු කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත්වූහ.
මෙම තරගාවලියේදී ලංකා බැකු කණ්ඩායම පරාජය කරමින් කාන්තා ‘ඒ’ කාණ්ඩයේ ශූරතාවද, ජාතික ඉතිරි කිරීමේ බැංකු කණ්ඩායම පරාජය කරමින් මිශ‍්‍ර යුගළ කාණ්ඩයේ ශූරතාවද, ශ්‍රී ලංකා මහ බැංකු කණ්ඩායම පරාජය කරමින් පිරිමි ‘බී’ කාණ්ඩයේ ශූරතාවද දිනාගැනීමට මහජන බැංකු මේස පන්දු කණ්ඩායම සමත් විය.
තිලංක සෙනෙවිරත්න, මාලා පුෂ්පකුමාර, සුධර්මා මලවිආරච්චි, පී. එස්. කුමාර, නිවර්තනා උඩුගම, නුවන් පෙරේරා සහ විරාජ් ද සිල්වා යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ මහජන බැංකු මේස පන්දු කණ්ඩායම නියෝජනය කළහ.
(*)