නිවාස ණය ඉහළ නැංවීම, සේවක උසස් වීම් ඇතුළු ප්‍රශ්න වලට කඩිනම් විසදුම් ඉල්ලා මහජන බැංකු සේවකයෝ කෑම පැයේදී කොළඹ මහජන බැංකු මූලස්ථානය ඉදිරිපිටදී අද (22) උද්ඝෝෂණයක් පැවැත්වූහ.
ලංකා බැංකු සේවක සංගමයේ මහජන බැංකු ශාඛාව මේ උද්ඝෝෂණය සංවිධානය කෙළේය.
විශාල මහජන බැංකු සේවකයින් පිරිසක් එක්ව සිටියහ. තම අයිතීන් පිළිබඳ ලියැවුණු විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විවිධ සටන්පාඨ කියමින් ඔවුන් උද්ඝෝෂණයේ යෙදී සිටියහ.



