නිමන්ති රණසිංහ
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයේ යෙදී මහජනයාට හිරිහැරයක් කළැයි කියන සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා ඇතුලූ සැකකරුවන් 06 කට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද (17) සංශෝධිත පැමිණිල්ලක් ගොනු කළේය.
ඒ අනුව, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ, එම පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දසානායක, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පියසිරි විජේනායක සහ බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර රොජර් සෙනෙවිරත්න යන සැකකරුවන්ට එරෙහිව එලෙස අධිකරණය හමුවේ පැමිණීල්ල ගොනුවිණී.