මහජන නියෝජිතයින්ට ගිනිඅවි මොකටද?


පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට ගිනිඅවි ලබාදීමට තමන් විරුද්ධ බව නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමා ගිනිඅවි ලබාගෙන නැති බවද,එසේ ලබාගැනීමටද බලාපොරොත්තුවක් නැති බවද ඔහු කියයි.

තම පෞද්ගලික මතය වන්නේ මහජන නියෝජිතයින්ට ගිනිඅවි අවශ්‍ය නැති බව යැයිද ඔහු පවසයි.