ඉදිරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව මහජන එක්සත් පෙරමුණේ නායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා කිරිබත්ගොඩ දී පැවසීය.
ඔහු එසේ කීවේ මහජන එක්සත් පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් විද්වත් සභාවේ විශේෂ රැස්වීමක දීය.
මහජන එක්සත් පෙරමුණ සන්ධාන ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙකි.
මෙහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතීඥ සිසිර ජයකොඩි මහතා පැවසුවේ ඡන්දය ගනිද්දී මනාප හොරකම් සිදුවන බවයි.
‘අද රටේ ගොඩනැගෙමින් පවතින දේශපාලන ධාරාව සදහා විද්වතුන් වශයෙන් සිදු කළ යුතු දේ ගැන සාකච්චා කරන්නයි අද අපි රැස්වුණේ. රටට ආදරය කරන කොටස් නිද්‍රාශීලිව සිටියොත් එය රටට ප්‍රශ්නයක්. අද පිළිගත්ත විද්වත් කොටස් මේ දේශපාලන ක්‍රමය ගැන අප්‍රසාදයෙන් ඉන්නවා. 78 දී හඳුන්වා දුන් මැතිවරණ ක්‍රමය අද සීමාවක් බවට පත්වෙලා. අපේ රටේ බුද්ධිමතින්ගෙන් දේශපාලනය දුරස් වෙලා.
අද මත්ද්‍රවය ජාවාරම් කාරයෝ ඔවුන්ගෙන් නියෝජිතයකු ඕනෑ කියා පාර්ලිමේන්තුවට යවනවා. ඒ නිසා අවසානයේ මුදල් මතම යන දේශපාලන ක්‍රමයක් ඇතිවෙලා තියෙනවා. ඡන්දය ගණන් කරද්දී මනාප හොරම් සිදුවෙනවා. ඒ කටුක අත්දැකීමට අපි මුහුණ දුන්නා. කැලණියේ ජයග්‍රහණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වුණේ මමයි. ඒත් ලැයිස්තුවේ හිටියේ වෙන කෙනෙක්. ඡන්ද ක්‍රමයත් එක්ක ඇතිවුණබරපතල ප්‍රශ්නයක් මේක.’

