මහජන ආරක්ෂක ඇමතිවරයා මහජන දිනයේ බරටම වැඩ


(යොහාන් භාසුර)

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ මහජන දිනය මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමයට එම අමාත්‍යංශයේදී අද (29) පැවැත්විණ.

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටග මහතා ද අවස්ථාවට සහභාගි විය.

මෙහිදී මහජනතාවට පැමිණිලි අමාත්‍යවරයාට සහ ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත ඍජුවම ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වූ අතර එම පැමිණිලි සඳහා සුදුසු පියවර ගන්නා මෙන් ඇමැතිවරයා සහ නියෝජ්‍ය ඇමතිවරයා අදාළ උසස් නිලධාරීන් වෙත උපදෙස් දුන්හ.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ සහ ශ්‍රී ලංකා පොලිස් උසස් නිලධාරීන් රැසක් සහභාගී වූහ.