ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ධුරයෙන් ඉවත්ව යන අශෝක් කේ කාන්තා මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් මාළිගාකන්ද මහාබෝධි විහාරයේදී අද උදෑසන පැවැත්විණි.
කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයීය ශිෂ්‍යාවෝ මහකොමසාරිස් වරයා මහත් හරසරින් පිළිගත්හ.
මහාබෝධි විහාරාධිපති බානගල උපතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය සංවිධානය කැර තිබූ අතර මහකොමසාරිස්වරයාට විශේෂ උපහාර තිලිණයක් ද පිරිනැමිණි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන තිලංග සුමතිපාල, රවී කරුණානායක මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.