මහකනදරාවෙන් අදත් උණ්ඩ ගොඩ ගනී


මිහින්තලේ මහ කනඳරාව වැවේ අඩි දහයක් ගැඹුරේදී අදත් උණ්ඩ 2729ක් ගොඩ ගැනීමට අනුරාධපුර පොලීසියේ ජීවිත ආරක්ෂක කණ්ඩායම සමත් විය.

කිමිදුම්කරුවෝ 10 දෙනෙක් මේ කාරියේ යෙදී සිටිති. බදාදා(23) නාවික හමුදා කිමිඳුම්කරුවන් යොදවන බව පොලීසිය කියයි.

පෙර දිනයේ උණ්ඩ 1052ක් ගොඩ ගැණිනි.

මේ උණ්ඩ වැවට වැටුණේ කෙසේදැයි මෙතෙක් සොයාගෙන නැත.