මහකනදරාව වැව ළඟ බංගලාවක්


මිහින්තලේ වැව් රක්ෂිතයේ සංචාරක නිවාසයක් ඉදිකරතියි සියඹලා ගස් වැව ගැමියෝ කියති.

පරිසර වාර්තා කිසිත් නොමැතිව මේ නිවාසය ඉදිකරන බවත්, ඒ වටා ලොකු රහසක් ඇති බවත් ගැමියෝ කියති.

වනජීවී දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව් එස් වේරගම මහතා පවසනුයේ ‘ඒක අපේ සංචාරක නැරඹුම් හා ළමා පුහුණු මධ්‍යස්ථායක්. ඕන දෙයක් පත්තරවලට ලියා ගන්නවා.‘ යනුවෙනි.

අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂ ලලිත් ද අල්විස් මහතා කියනුයේ එම භූමිය වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් නොවන බවයි.

එහෙත් මහකනදරාව වැවේ ජලය පවතින ප්‍රදේශය ආසන්නයේම මේ නිවස ඉදි කෙරේ.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච් ඩී රත්නායක මහතා පවසනුයේ මෙය වනජීවි දෙපාර්තමේන්තුවට අයත් සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් බවයි.

පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පවසනුයේ එවැනි තැනක කවුරුන් ඉදිකිරීමක් කළත් පාරිසරික බලපෑම් වාර්තාවක් ගත යුතු බවයි.