
(දයානන්ද අදිකාරි සහ ඩී. ඥානසිරි හෙට්ටිආරච්චිගේ)
මහඔය ඉද්දපොල විද්‍යාලයේ ඉගෙනුම සිටිය දී අද දින දහවල් 12.00 ට පමණ දෙබරුන් ඇනීම නිසා සිසු සිසුවියන් ඇතුළු පුද්ගලයන් 49 දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
දෙබර ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කළ පිරිස අතර, සිසුන් 18 ක්, සිසුවියන් 14 ක්, ගුරුවරියන් 07 ක් සහ මව්පියන් 08 සිටින බව, පොලිසිය ප්‍රකාශ කරයි.
හදිසියේම විදුහලට කඩාවැදුන දෙබරුන් රංචුවක් මෙම පහරදීම සිදුකර ඇති බවත්, ළමයන් හිස් ලූ ලූ අත දිවගොස් ඇති බවත්, පොලිසි සදහන් කරයි.
දරුවන් නිවෙස්වලට දුවගොස් ඇති නිසා මෙම පිරිස තවත් ඉහළ යාහැකි බව ද, අනුමාන කරති.


