වසර තුනක් තිස්සේ රුපියල් කෝටි පන්සියයකට ආසන්න මුදලක් වංචා කරමින් සුපිරි හෝටලවල කල් ගත කළ දැව ව්‍යාපාරිකයකු බව කියන පුද්ගලයෙක් මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත් ගලගම ඒ සමරසේකර මහතා විසින් ලබන 30 වැනිදා තෙක් රිමාන්ක් කරනු ලැබීය.
කෑගල්ල විශේෂ අපරාධ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන එසේ ඉදිරිපත් කැරුණේ මහනුවර වතුලියද්ද උඩුවෙල ඩබ්ලිව් බී නිමල් වික්‍රරත්න (46) නම් පුද්ගලයාය.
ඔහු මාවනැල්ලේ ව්‍යාපාරියකයකුට පමණක් රුපියල් දෙකෝටි විසි නම ලක්ෂයක් වංචා කර ඇතැයි කෑගල්ල පොලීසිය අධිකරණයට දැන්වීය.
ඔහුට විරුද්ධව පැමිණිලි 61ක් ඇතැයි ද, කුරුණෑගල, මාතලේ, මහනුවර, කෑගල්ල ප්‍රදේශවලින් තවත් වංචා සිදු කර ඇති බව පෙනේයැයි ද පොලීසිය අධිකරණයට දැන්වීය.
දැව සංස්ථාවට ද රුපියල් එක්කෝටි හැට ලක්ෂයක වංචාවක් කර ඇති බවට ලැබී ඇති තොරතුරු ගැන පරීක්ෂණ පවත්වයි.
සුපිරි පන්තියේ අති සුඛෝපබෝගී වාහනයක ගමන් කරන ඔහු කුරුණෑගල සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගන්නා විට ඔහුගේ බිරිය ළඟ රුපියල් තිස් ලක්ෂයකට අධික මුදලක් තිබෙන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
අන්අයගේ චෙක්පත් ව්‍යාපාරිකයනට දී මාරු කැර ගැනීමෙන් ඔහු මේ වංචාව කර ඇතැයි පොලීසිය කියයි.
කෑගල්ල පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ඩබ්ලිව් එම් ඒ ගෆාර් පොලිස් සැරයන්වරුන් වරුන් වන 17224 ආරියරත්න, 53674 කුමාරතුංග , 24571 ජයතිස්ස, කාන්තා පොලිස් සැරයන් 711 සුදර්මා ජයලත් සහ පොලිස් කොස්තාපල් වන 11030 අශෝක මහත්වරු පරීක්ෂණ කළහ.

