මන්නාරම ඓතිහාසික තිරුකේදීස්වරන් කෝවිලේ වාර්ෂිකව පැවත්වෙන මහ ශිව රාත්‍රී දේව පූජාවට මෙවරත් ලක්ෂ තුනකට ආසන්න හින්දුහු සහභාගිවූහ.
දැනුමේ ආලෝකයෙන් තම ජීවිතයේ මොහදුර පලවා හැරීමට ගන්නා උත්සාහයක් වශයෙන් ශිව දෙවියන්, මහා බ්‍රහ්මයා සහ විෂ්ණු දෙවියන් අතර බලය උරගා බැලීමත් ශිව පාර්වතී විවාහය සිදු වූ දිනයත් මහා ශිවරාත්‍රී දිනය ලෙසින් සැමරේ.




