මහ වැස්සෙන් ගාල්ලේ පවුල් 500 ක් විපතට



(ජී. ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)


මේ දිනවල පවතින අධික වැසි සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ  පවුල් 500  ක් පමණ විපතට පත්ව තිබෙන බව ගාල්ල ආපදා කළමනාකරණ එකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් දම්පත් රත්නායක මහතා පවසයි.


ඉමදුව යක්කලමුල්ල මාර්ගය, කනංකේ වාඩියවත්ත අතුරු මාර්ගය, ගාල්ල උඩුගම දෙල්ලව මාර්ගයේ මහබෝධිවත්ත මංසන්ධිය, ගාල්ල මාපලගම මාර්ගය ජලයෙන් මේ වනවිට යටවි තිබේ.

ගාල්ල කඩවත් සතර කොට්ඨාශයේ දංගෙදර, මිලිද්දුව, ඇත්තිලිගොඩ, තනිපොල්ගහ ඇතුළු ප්‍රදේශද, ඉමදුවේ කෝදාගොඩ දකුණ,හොරදුගොඩ නැගෙනහිර, ඇල්ලගොඩ , කෝඹළ යන ප්‍රදේශද, නාගොඩ උඩලමත්ත, යටලමත්ත සහ මාපලගම නගරය, බෝපෙ පෝද්දල ඕපාත, හෝළුවාගොඩ, නාවින්න යන ප්‍රදේශද, යක්කලමුල්ලේ වාඩියවත්ත, වල්පල,වෙලන්දාව, පොල්පාගොඩ,යක්කලමුල්ල, නාකියාදෙනිය, උඩුමලගල, යන ප්‍රදේශද ,අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නුගදූව, අත්තරගොඩ, ඉහලගොඩ යන ප්‍රදේශද මේ වනවිට ජලයෙන් යටවි ඇති බව අදාල කොට්ඨාශයන්හි ප්‍රාදේශීය ලේකම්වරු පැවසූහ.


මේ වනවිට විපතට පත් ජනතාවට සහන සේවා කටයුතු ආපදා සහනසේවා කණ්ඩායම් විසින්  ආරම්භ කර තිබෙන බවද ප්‍රාදේශීය ලේකම්වරු පැවසූහ.


ආපදා කළමනාකරණ ඒකකය පැවසුවේ ගිං ගංඟේ ජල මට්ටම ඉහළයන බැවින් එහි දෙපස වාසය කරන  ජනතාව ඒ ගැන අවධානයෙන් පසුවිය යුතු බවයි.