මහා පරිමාණ වංචා දුෂණ පිළිබඳ සිදුකළ විමර්ශන තුනක ලිපිගොනු ඉදිරි දිනවල දී ජනාධිපති වෙත බාරදිමට කටයුතු කරන බව බරපතල වංචා දුෂණ පිළිබඳ ජනපති විමර්ශන කොමිසම පවසයි.
රක්නා ලංකා සහ ඇවන්ට්ගාඩ් සමාගමේහි සිදුව ඇතැයි කියන වංචා දුෂණ පිළිබඳ සිදුකළ විමර්ශනය, හලාවත සහ කුරුණෑගල වැවිලි සමාගම්වල සිදුව ඇතැයි කියන දුෂණ පිළිබඳව සිදුකළ විර්මශනය හා ඉකුත් රජය සමයේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඩයිනමයිට් තොගයක් කල් ඉකුත් වන තෙක් අලෙවි නොකර රජයට රුපියල් මිලියන ගණනක පාඩු කිරිම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන මෙලෙස අවසන් වී ඇති බවද කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.