මහ ලේකම්කම කෝඩුකාරයකුට දීලා : හිටපු ඇමැති ගතු කියයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන තමා පක්ෂ නායකයින් විසින් බරපතල ලෙස  කොන්කර ඇතැයි හිටපු දේශිය වෛද්‍ය ඇමැති සාලිය දිසානායක මහතා කියයි.

තමාට වඩා දේශපාලන පළපුරුද්ද අඩු අනුර ප්‍රියදර්ශන යාපා මහතා මහ ලේකම් ලෙස පත් කැර ඇතැයිද තවත් එවැනි පත්වීම් පෙන්විය හැකියැයිද ඔහු චෝදනා කරයි.පක්ෂ නායකයින් වන්දනා නොකිරීම  නිසා තමා නොසලකා හැර ඇති බවද එහෙත් පක්ෂය හැර නොයන බවද ඔහු කියයි.

ජනපතිවරණයෙන් පසු පක්ෂ සාමාජිකයිනට වන හිරිහැර වැළැක්වීමට ශ්‍රිලනිප ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නොහැකි වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ඔහු යටපත් කරගෙන සිටින නිසා විය හැකි යැයිද ඔහු සඳහන් කරයි.