මහ රෑ දෙකට සිසුවියෝ බස් නැවතුමේ


කොළඹ උසස් පාසල් දෙකක දැරියන් දෙදෙනකු අද අලුයම දෙකට මහරගම බස් නැවතුමක සිටිය දී පොලිසියට කැඳවාගෙන ගිය බව පොලිස් නිලධරයෙක් කියයි.

උපන් දින සාදයකට පැමිණි බවත්, බසයක් එනතුරු සිටින බවත් ඔවුන් කියා ඇත.

එක් දැරියකගේ පියා හමුදාවේ උසස් නිලධරයකු බවත් පොලිසිය පවසයි. නොගැලපෙන ඇඳුම් ඔවුන් ඇඳ සිටි බව ද පොලිසිය කියයි.

 මව්පියන් කැඳවා මොවුන් බාරදීමට නියමිතය.