මහ රෑ ගෙදරට මීහරක් රංචුවක් : නීතිඥවරිය පොලිසියෙන් සමාව ගනී


මැදියම් රැය ආසන්නයේ අවිස්සාවේල්ලේ නීතිඥවරියක පොලිසියට හදිසි ඇමතුමක් දී ගෙදරට හොරුන් පැන ඇති බව පෙනේ යැයි පැමිණිලි කළාය.

නීතිඥවරියද ඇගේ දරුවාද මවද මේ නිවසේ සිටින බවත් පොලිසිය වහා එහි යද්දී මීහරකුන් රංචුවක්ද පාරේ ගිය බවත් පොලිස් ආරංචි කියයි.

ගෙදරට සමීපවන විට නීතිඥවරියගෙන් ලැබුණු තවත් පණිවිඩයකින් කියැවුණේ ගෙදරට හොරුන් පැමිණ නැති බවයි. ඒත් පොලිසිය එහි ගියේය. නීතිඥවරිය වහා දොර ඇර පොලිසියෙන් සමාව ගත්තාය. නිවස අවට ඇති ලඳු කැලයට මීහරකුන් පැමිණ ඇති බවත් උන්ගේ අං දොර ජනෙල් ආදියේ වැදීමෙන් මේ ඇබැද්දිය සිදුව ඇති බව පොලිසිය කීය.

පොලිසිය හමුවී කනගාටුව පළ කළ ඇය පොලිස් ස්ථානාධිපති හමුවී සිදුවූ වරද ගැන ඔහුටද කනගාටුව පළ කළාය.