බණ්ඩාරගම බොල්ගොඩ කුකුළු කූඩුවකින් මහ රෑ කුකුළන්ගේ මර හඬ ඇසී අවදිවූ කුකුළු කොටු හිමියා එහි අමුත්තෙක් දුටුවේය. කුකුළු නාම්බකු වෙළා ගෙන සිටි පිඹුරාට ඔහු මන්න පහරක් එල්ල කළේය. දෙදෙනාටම තුවාල සිදුවිය. අඩි 8 ක් දිගැති පිඹුරා පශු වෛද්‍ය ප්‍රතිකාරයෙන් පසු කැලයට මුදා හරින බව කුකුළු කොටු හිමියා කියයි.



