නොවැම්බර් මාසයේ කොළඹදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා දෙවන එලිසබත් මහා රැජන සහභාගී නොවීමට තීරණය කරන ලද්දේ "දීර්ඝ ගුවන් ගමනක යෙදීම මෙන්ම කාර්ය බහුල සංචාරයක් සඳහා ඔරොත්තු දෙන තරමේ කාය ශක්තියක් හෝ සෞඛ්‍යයක් මහා රැජනට නොමැතිබවට" රාජකීය වෛද්‍යවරුන් විසින් සපයන ලද වාර්තා සලකාබැලීමෙන් අනතුරුව බව බ්‍රිතාන්‍ය මාධ්‍ය කියයි.
මීට පෙර හැම වසරකම ඇයගේ කාලසටහනට විදේශ සංචාරය ඇතුළත් වුවද 2012 වසරේදී එය වෙනස් කරඇත. මේ වෙනස සඳහා හේතුවුයේ ඇයගේ වයස සහ සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වීමයි.
පසුගිය තිස් වසර පුරා මහ රැජන ගත කළේ ඉතාම කාර්ය බහුල ජීවිතයකි. මේ කාලයේ ප්‍රධාන පෙළේ රාජකාරි 15,000 කට වඩා ඇය සහභාගීවී ඇත. ඒ අතරට අතිශය වෙභෙසකර විදේශ සංචාර 261 ඇතුලත්විය.
මේ ගමන් අතර කැනඩාවට 22 වතාවක්ද ඔස්ට්‍රේලියාවට 16 වතාවක්ද නවසීලන්තයට 10 සැරයක්ද ජැමෙයිකාවට හය වතාවක්ද, රාජ්‍ය සංචාරය සඳහා ඇය සහභාගීවී ඇත.
එලිසබත් මහ රැජන ඔටුනු පැළඳ වසර 60ක් පිරීම නිමිත්තෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුන දියමන්ති ජුබිලිය සැමරු පසුගිය වසරේදී ඇයට ඉතාම කාර්ය බහුල වැඩසටහන් සමුහයක් සඳහා සහභාගීවීමට සිදුවිය.
පසුගිය මාසයේ වයස අවුරුදු 87 සපිරූ මහරැජන තවදුරටත් පරිපුර්ණ රාජ්‍ය නායිකාවක වශයෙන් කටයුතු කිරීමේදී සහභාගීවීමට ඇති සමහර වැඩ කටයුතු මදක් අඩුකොට එම වගකීම ඔටුන්න හිමි චාල්ස් කුමරුන්හට පැවරීම සුදුසු කාලය එළඹි ඇතිබව රජවාසල නිලධාරීන් නිර්දේශකර ඇත්තේ පසුගිය වසරේදීමය.
පසුගියදා මහා රැජනගේ ස්වාමි පුරුෂයා වන එඩින්බරෝ ආදිපාදයන් බලවත්සේ අසනීපවීමද රැජනගේ රාජකාරි චාර්ල්ස් කුමරුන්හට භාරදීම සඳහා විශාල බලපෑමක් කරන ලද බවටද වාර්තාවිය. එඩින්බරෝ ආදිපාදතුමන්ගේ වයස අවුරුදු 92කි. මහරැජන විදෙස් සංචාරය සඳහා තනිවම සහභාගීවීම සම්ප්‍රදායට එරෙහි වීමකි. මේ සියලුම හේතූ නිසා මින් මතුවට එලිසබත් මහරැජන සිය විදෙස් සංචාරයන් සහමුලින්ම නවතා දමනු ඇති බවටද බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාවට යාමට මහරැජනට අසීරුවී ඇත්තේද මේ හේතුව මිස අපරට පිළිබඳව ඇය තුළ ඇති කලකිරීමක් නිසා නොවන බව බොහෝදෙනාගේ මතය වී ඇත.
විදෙස් රටවල ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මකවන විවිධ කොටස් සහ ඔවුන්ගේ මාධ්‍යවේදී සගයන් මෙම ප්‍රවෘත්තිය විගසින් ග්‍රහනයකරගත් අතර ඒ පිළිබඳව විවිධ අර්ථකතන ගෙනහැර දැක්වීමට යුහුසුළු වුහ. ඔවුන් උලුප්පා දක්වන ලද්දේ "මහරැජන ශ්‍රී ලංකාවට නොයාමට තීරණය කිරීමෙන් ශ්‍රී ලංකාවේ සිදුවෙනවායැයි කියන මානව හිමිකම් උල්ලංඝනයන සහ යුද අපරාධ පිළිබඳව ඇයගේ අප්‍රසාදය පිලිබඳ ඉඟියක් දක්වා ඇති" බවයි.
මහ රැජන දැනට බකිංහම් මාලිගයේ ගතකරන්නේ සතියකට දින තුනක් පමණි. ඉතිරි දින හතර ලන්ඩන් නුවරින් පිට වින්ඩ්සර් මාලිගයේ ගතකරන්නීය.
අයගේ සෞඛ්‍ය තත්වය ගැන සලකා බලා චාර්ල්ස් කුමරුන් හට රජකමේ වැඩකටයුතු කරගෙන යාමට බලය ලබාදීම පිළිබඳව සලකාබලන බවටද වාර්තා පළවී ඇත. මෙවැනි තත්වයක් ඇතිවිය හැක්කේ රැජන සම්පුර්ණයෙන්ම අශක්නුකෘත තත්වයට පත්වූ විට පමණකි.
බ්‍රිතාන්‍ය රාජ්‍ය පරම්පරා ඉතිහාසයේ මින් පෙර එක අවස්තාවක පමණක් මෙවැනි සිදුවීමක් වාර්තාවී ඇත. එය තුන්වන ජෝර්ජ් රජතුමන් මානසික රෝගී තත්වයට පත්වූ අවස්ථාවේදී ඔහුගේ පුතනුවන්ට රජකමේ වගකීම පැවරීමයි.
මහ රැජන අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 1982 වසරේදීය.