මහ බැංකුවේ හිටපු අධිපතිවරයා විසින් ඔහුගේ ධුර කාලය තූළ වාර 163 කදී කරන ලද රුපියල් හය කෝටි හය ලක්ෂයක මුදල් වංචාවන් පිළිබඳ විගණන වාර්තා හෙළි කරන බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.
මෙකී විගණන පරික්ෂණය කර ඇත්තේ ඉකුත් අගෝස්තු මාසයේ වුවත් මේ වන තුරුත් වත්මන් මහ බැංකු අධිපතිවරයා හෝ රජයේ වෙනත් වග කිව යුතු පාර්ශවයක් කිසිදු පියවරක් ගෙන නැතැයි ද ඒ මහතා පවසයි.
මෙම වංචාව හැරුණු විට ඔහු ගේ බෑනා විසින් මිලදී ගෙන ඇති මෙන්ඩිස් සමාගම විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් ඉකුත් ජනවාරි මාසය වනවිට රුපියල් කෝටි 84 ක් ඉක්මවා ඇතැයි ද සමරසිංහ මහතා කියයි.

