(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි පොලී අනුපාත ඉහළ නංවා තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලි අනුපාත වන නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 0.25 න් ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය පියවර ගෙන ඇත.
උද්ධමනය පාලනය කිරිමේ පියවරක් ලෙස පොලී අනුපාත ඉහළ නැංවීම නිසා වාණිජ බැංකු තැන්පත් වලට ගෙවිය යුතු පොලී අනුපාතිකය හා ණය සඳහා අයකරන පොලි අනුපාතයද සාපේක්ෂ ලෙස ඉහළ යනු ඇති බවද ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.

