මහ බැංකුව පඩි වැඩි කරගත් වාර්තාව බදාදා මැතිසබයට


(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත්  රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ ප්‍රධානීන් එම කමිටුව හමුවට කැඳවා පසුගියදා සාකච්ඡා කළේය.