(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිකුතු සුරක්ෂිතාගාරයේ තැම්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50 ක් අඩංගු මුදල් බණ්ලඩය අතුරුදන්වීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පොලිස්පති සී .ඩී වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත එකී විමර්ශන කටයුතු කොටුව පොලිසියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇත.
ඒ සම්බන්ධයෙන් මහ බැංකුවේ වෝහාරික මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරී ඒ. ආර්. දයානන්ද මහතා . පසුගිය 11 වැනි දින කොටුව පොලිසිය වෙත පැමිණිලි කළේය.
මහ බැංකු ගොඩනැගිල්ලේ අධිආරක්ෂිත කලාපයක පිහිටි නවීන තාක්ෂණයෙන් යුත් ආරක්ෂිත කැමරා සවිකර ඇති භූ ගතව තිබෙන තෙවන මහලේ රාක්කයක තිබී මෙම මුදල් බන්ඩලය අස්ථානගත ඇති බවට එම පැමිණිල්ලෙන් පැවසිණි.ෙ
පැමිණිල්ල වහාම පරීක්ෂණ ආරම්භ කළ කොටුව පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් නිකුතු සුරක්ෂිතාගාරයේ සියළුම තරාතිරම් වල නිලධාරීන් 23 කුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනිණි.
ඊට අමතරව අධි තාක්ෂණික සි සි ටි වි කැමරා ද පරීක්ෂාවට ලක් කෙරිණි.

