මහ බැංකු ලොක්කාට තවත් ලෙඩක්


ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ලබන 19 වැනි දා කතානායක චමල් රාජපක්ෂ මහතාට බාර දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පත් කළ මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් අද (14) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

එම යෝජනාවට රජයේ කැබිනට් ඇමතිවරුන් තිදෙනකු ඇතුළු නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමැතිවරුන් නව දෙනකු ද අත්සන් තබා ඇතැයි ද, මුලු අත්සන් සංඛ්‍යාව 90ක් බව ද ඔහු කීවේය.

මෙම යෝජනාව කඩිනමින් විවාදයට ගන්නා ලෙස  ඉල්ලන බව ද ඇමැති සඳහන් කළේය.