ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බ්‍රහස්පතින්දා (30) විශ්‍රාම ගන්නා බවත් ඉදිරි දින කිහිපයේ දී නව බැංකු අධිපතිවරයකු පත් කරන බවත් මෛත්‍රිපාල සිරිසේන ජනපති ගිරාඳුරුකෝට්ටේදී මද වේලාවකට පෙර ප්‍රකාශ කළේය.
මේ අතර අත්දැකීම් ඇති පළපුරුදු පුද්ගලයකු තව පැය කිහිපයකින් ජනපති අතින් පත්වීම් ලබන බව වැඩ බලන මුදල් ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය. නව මහ බැංකු අධිපතිවරයා වසරක් සඳහා පත්කෙරෙන බවද ඔහු කීය.
මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ හා රනිල් වික්‍රමසිංහ අගමැතිගේ සහභාගීත්වයෙන් විශේෂ හමුවක් මහ බැංකු පරිශ්‍රයේදී අද සවස පැවැත්විණි.
(ඡායාරූප සමාජජාල වෙබ්අඩවි වලිනි)