මහ බැංකු ලොක්කා ඉවත් කරන්නැයි මැතිසබයට පෙත්සමක්


රුපියල් කෝටි 1000 ක භාණ්ඩාගාර බිල්පත් අක්‍රමික ලෙස ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එම පදවියෙන් ඉවත් කළ යුතු යැයි ජනතා විමක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය ඇතුළු පක්ෂ ඉල්ලයි.

ඔහු ඍජුවම එම සිද්ධියට සම්බන්ධ නැතැයි නිර්දේශ කළ කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන බවත් ඔවුහු කියති.

ඔහු ඉවත් කරන ලෙස මන්ත්‍රීන් විසින් අස්සන් කරන පෙත්සමක් කථානායක චමල් රාජපක්ෂ මහතාට බාරදීමට නියමිතය.