මහ බැංකු පනත විවාදය ලබන 20


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ශ්‍රි ලංකා මහබැංකු පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ  විවාදය ලබන  20 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (7) තීරණය කළේය.

මෙම පනත් කෙටුම්පත පසුගිය මැයි මස 11 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබුණත් විවිධ හේතු මත  එය කල් ගියේය.

මේ අතර  ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් ප්‍රතිඥාවන්ට අනුකූලව නව කෙටුම්පතක් සකස් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පසුගියදා ලිපියක් බාර දුන්හ.

එම පිරිසට අතුරලියේ රතන හිමියෝද වාසුදේව නානායක්කාර උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද  ඇතුළත්වූහ.

මූල්‍ය පරිපාලන ස්වාධීනත්වය ලබා දීම  හා පරිපාලන ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා මහබැංකු පනත් කෙටුම්පතින්   ප්‍රතිපාදන සැලසේ.