භූ කම්පන හේතුවෙන් නේපාලයේ රජවරුන් විසින් 12වන සියවසත් 18 වැනි සියවසත් අතර ඉදිකරන ලද කෝවිල් ඇතුළු පෞරාණික වටිනාකමකින් යුත් බොහෝ ස්ථාන සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි නේපාල පුවත් සේවා වාර්තා කරයි.
නේපාලයේ කත්මන්ඩු නිම්නයේත් බසන්තපූර් ඩර්බර් චතුරස්‍රයේ හින්දු කෝවිල් 80 ක් පමණ විනාශ වී ඇතැයි ආන්තිපූර් නිව්ස් පුවත්පත කියයි.
ඵෙතිහාසික සිහිවටන පාටන් හා භක්තපූර්හි කෝවිල් මුළුමනින් හෝ අර්ධ වශයෙන් විනාශ වන්නට ඇතැයි කියති. බෞද්ධනාත් ස්තූපය හා රත්න මන්දිරය ටිකක් හානි වී ඇතැයි වාර්තාවේ.
භක්තපූර්හි දුර්ගා කෝවිල මුළුමනින්ම හෝ අඩ වශයෙන් විනාශ වන්නට ඇතැයිද ඉතිහාසඥයකුවන ලෝෂන් ස්ත්‍රේස්ත පවසනුයේ හින්දු ආගමේ එම සිහිවටන සදාකාලයටම අහිමිවූ බවයි. වැනසීගිය ලෝක උරුම යළි ගොඩනැගිය නොහැකි බවද ඔහු කියයි.
මේ සියල්ල අතරේ භක්තපූර්හි නටබුන් අතර බුදු පිළිමයක් නිරුපද්‍රිතව තිබියදී සොයා ගෙන ඇතැයි ‘ද ගාඩියන්‘ පුවත් වෙබ් අඩවිය සඳහන් කරයි.
අද (26) පස්වරුව වන විට භූ කම්පනයෙන් මිය ගිය ප්‍රමාණය 2000කට වඩා වැඩි බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.
ඡායාරූපය - ද ගාඩියන් වෙබ් අඩවිය ඇසුරිනි



