ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද උදෑසන 10.13 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 651 දරණ මගී ගුවන් යානයෙන් ඩුබායි හරහා ලංඩන් බලා පිටත්ව ගියේය.
ජනාධිපතිවරයා සමග ජනපති ආර්යා ජයන්ති සිරිසේන, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද එහි ගියහ.
සාමාන්‍ය ගුවන් මගීන්ගේ සම්ප්‍රදාය අනුගමනය කරමින් ගුවන් යානය පිටත්වීමට පැයකට කළින් මෛත්‍රීපාල සිරිසේන මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේය.
ගුවන්‍තතොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී ජනපතිවරයා තේ කෝප්පයක් ද පානය කළේය.
මෙම සංචාරය අතරතුර දී මහ රැජින සමඟ විශේෂ හමුවකට මෙන් ම දිවා භෝජන සංග්‍රහයකට ද එක් වන ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අගමැතිවරයා සමඟ ද විශේෂ සාකච්ඡාවකට එක් වීමට නියමිතය.

