
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තරගයට ධාවනය යෙදුණු යතුරුපැදි දෙකක් පානදුර පල්ලිය මුල්ල ප්‍රදේශයේ දී පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපතිගේ ජීප් රථයේ ගැටීමෙන් ස්ථානාධිපතිවරයා හා යතුරුපැදිකරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පානදුර පොලිසිය කියයි.
සිදුවූ අනතුරෙන් ජීප් රථයේ ඉදිරිපසට හා යතුරුපැදි දෙකටම බරපතල අලාභ හානි වී තිබේ.
ස්ථානාධිපතිවරයා එම තරුණයන් පිරිස සමඟ කතා කිරීමට සැරසීමත් සමගම වලාන දෙස සිට මං තීරු දෙකේ විදුලි පහන් නිවා ගෙන අධික වේගයෙන් පැමිණි යතුරුපැදි දෙකෙන් එකක් ස්ථානාධිපතිවරයාගේ ඇඟේ ද අනෙක් යතුරුපැදිය ජීප් රථයේ ඉදිරිපස ද ගැටී මෙම අනතුර වී තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ස්ථානාධිපතිවරයාගේ ඇඟේ යතුරුපැදිය ගැටීමත් සමඟ පැදිකරු ඊට මීටර් දෙක තුනක් ඈතින් වැටී ඇති අතර යතුරුපැදිය ඔහු නොමැතිව මීටර් 34 ක් ඉදිරියට ගොස් බිම වැටී නතර වී ඇතැයි පොලිසිය කියයි.
බරපතළ තුවාල ලද තරුණයන් දෙදෙනා පානදුර උතුරු ප්‍රදේශයේම පදිංචි 18 හැවිරිදි අයවළුන් බව පොලිසිය පවසයි.



