මහනුවර දළදා මාළිගාවේ ඇසළ පෙරහරරේ සදාතුක කරඬුව වැඩම කරගෙන යෑමට නියමිත රාජා හස්තියාට මෙවර රන් පැහැති ඇඳුමක් නිර්මාණය වේ.
වසර 45ක් පුරා මහනුවර පෙරහරේ අලි ඇතුන් සඳහා ඇඳුම් නිර්මාණය කරන කේ සී තදානි මහතා මේ ඇඳුම නිර්මාණය කරයි.
රාජාගේ ඇඳුමට රෙදි මීටර සියයක් පමණ අවශ්‍ය බව ද, ඇඳුම නිම කිරීමට රුපියල් ලක්ෂ එක හමාරක් පමණ වැය වන බව ද ඔහු පවසයි.
ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු පළමු වැනි දා ඇරැඹීමට නියමිතය.




