මහ නීතියට මහජන අදහස් විමසයි


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීම ලබන ජනවාරි 18 වැනිදා කොළඹ විසුම්පායේ දී ආරම්භ කරන බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති නීතිවේදී ලාල් විජේනායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඉතිරි දිස්ත්‍රීක්කවල මහජන අදහස් විමසීම පෙබරවාරි මාසයේ ආරම්භ කරන බවත් අදාළ කමිටුව සඳහා මේ වන විට සාමාජිකයන් විසිදෙනෙකු පත්කර ඇති බවත් ඔහු කීවේය.

අප්‍රේල් මාසය වන විට මහජන අදහස් විමසා ඒ සම්බන්ධ වාර්තාවක් රජයට ලබා දීමට නියමිත බවද විජේනායක මහතා සඳහන් කළේය '

IMG_7873 IMG_7898