මහ දෙන්නා විවාදයකට කැඳවයි : ඇරියුම නීතිඥ සංගමයෙන්


යුක්තිය, සාධාරණත්වය සහ අධිකරණයේ ස්වාධීනත්වය ඇතුළු කාරණා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට සහභාගිවන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට නිල ආරාධනයක් කළ බව එම සංගම් සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අද(23) කොළඹ දී කීය.

එම විවාදය ඔවුන් දෙදෙනාටම සුදුසුවන පරිදි ජනවාරි 2 සිට 5 දක්වා වන කාලයේදී පැවැත්වීමට අපේක්ෂා කරන බවත් එය මෙහෙයවීමට නිර්පාක්ෂික විද්වත් ගෞරවනීය පුද්ගලයන් දෙදෙනකු සහභාගි කරගන්නා බවත් ජයසූරිය මහතා කීය.