සඳුදා සවස්වරුවේ පැය හතරක් එක දිගට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට වැසි පැවැති ආකාරයටම අද පස්වරු 3.30ට පමණ කොළඹ හා අවට පෙදෙස්හි විදුලි කොටමින් මහ වැසි ආරම්භ විය.
රාත්‍රී 7ටවත් නැති ආකාරයේ අඳුරක් අද පස්වරු 3.30ට තිබිණි.
කොළඹ නගරයේ හා අහසේ වලාකුළුවල ගණත්වය වැඩිවීම නිසා අඳුර ඇති වූ බව කලගුණ විද්‍යාඥ දමිල් දර්ශන කරුණාතිලක මහතා කියයි. මාසයක් ඇතුළත දී එකකට පසු එකක් වශයෙන් බෙංගාල බොක්කේ ඇතිවූ කළඹිලි ස්වභාවය නිමා මේ තත්ත්වය ඇතිවී ඇතැයි ඔහු පවසයි.














