ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියට නවක සිසුන් 25600 කට ආසන්න පිරිසක් බඳවා ගැනීම මේදිනවල සිදු වේ. ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට නවක සිසුන් එක්දහස් තුන්සීයයක් බඳවා ගැනීමට අපේක්ෂිත යැයි විශ්වවිද්‍යාලයේ සහකාර ලේකකාධිකාරී ( ශිෂ්‍යසේවා ) ඩබ්ලිව්. ඩබ්ලිව්. අනුර මහතා කියයි.
කෘෂිවිද්‍යා, ව්‍යවහාරිකවිද්‍යා, කළමණාකරණ, සමාජයීය විද්‍යා හා භාෂා යන පීඨ පහක පාඨමාලා 25කට මෙම සිසුන් බඳවාගැනීමට අපේක්ෂිතය. පෙබරවාරි 27 වැනිදායින් ඇරඹි මෙම ලියාපදිංචිය මාර්තු 12 වැනිදා දක්වා සිදුකිරීමට නියමිතය . ඉතිහාසයේ වැඩිම පිරිසක් බඳවා ගැනෙණුයේ මේ වසරේදීය.