කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සමග එකට උගෙනගත් ගුණසුන්දරම් ජේසුදාසන්ට කොළඹ මාහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා බරපතල වැඩ සහිතව මාසයක සිර දඩුවමක් නියම කළේය.
චෝදනා පහළොවකට වර පිළිගත් ඔහට එක් චෝදනාවකට මාසය බැගින් මාස පහළොවක සිර දඩුවම් නියම විය. එහෙත් එක වර ගෙවී යන පරිදි නියම වූ සිරදඩුවම අනුව ඔහු සිරේ සිටිය යුතු කාලය මාසයකි.
සිර දඩුවම අවසානයේ වසරක පුණුරුත්තාපන වැඩසටහනකට ද ඔහු යටත් කැරිණි.
කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්, ශන්මුග සුන්දරම් ජතීෂ්වරන් මෙවත් කරන්, ත්‍යාගරාජා රවි ශංකර් හෙවත් ශංකර්ට 2005 සිට 2007 දක්වා කොළඹ, වන්නි හා වැල්වැටිතුරේදී ආධාර දුන් ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ සටහන් වී ඇත්තේ අවි, පුපුරණ ද්‍රව්‍ය, යුද උපකරණ, නැව් ආදිය එතෙරින් මිලට ගැනීමට ඔහු ද හවුල්කරුවකු වී ඇති බවයි.
එහෙත් එම තොරතුරු සනාත කර ගැනීමට හැකියාවක් නැතැයි පැමිණිල්ල අධිකරණයට දැන්වීය.
චෝදනා 15කට ඔහු වරද පිළිගෙන පාපොච්චාරණයක් ද කළේය.
ඔහුට එරෙහිව චෝදනා ඔප්පු කළ හැකි වූයේ නම් වසර 15 සිට වසර 300ක් දක්වා ඔහුට සිර දඩුවම් නියම කළ හැකි බවත් පැමිණිල්ල අධිකරණය හමුවේ කියා සිටියේය.