ජාතිය ගොඩනැඟීමේ බදු සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකට හෝ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රීන් සංඛ්‍යාවකින් අනුමැතියට යොමුකරන ලෙස ඉල්ලා නීතීඥවරයකු ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමෙන් පසු එම පෙත්සමේ තීන්දුව ඉදිරියේදී පාර්ලිමේන්තු කථානායකවරයාට දන්වා යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් ,අනිල් ගුණරත්න සහ ප‍්‍රසන්න ජයවර්ධන යන මහත්වරුන්ගෙන් යුතු ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
නීතීඥ පී.ලියනආරච්චි මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරු ලෙස නීතිපති නම් කරනු ලැබ ඇත.
පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දර්ශන වේරදුවගේ මහතා කියා සිටියේ පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පූර්ණ අභිමතානුසාරී බලයක් නැති බවද කීය. පාර්ලිමේන්තුවේ සිදුවන හැම කටයුත්තක්ම නීතියේ ආධිපත්‍යයට යටත්ව සිදු කළ යුතු බවයි.