පළාත් සභා අරමුද් මුදල් ලබාගැනීමේදී මුදල් අමාත්‍යංශය ඔස්සේ ලබාගැනීමට අයවැයෙන් යෝජනා වීම සම්බන්ධව බස්නාහිර පළාත් මහ ඇමැති නිල නිවසේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා පළාත් මහ ඇමැතිවරුන් අතර සාකච්ඡාවක් අද (10) පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එහි පැමිණ සිටි මහ ඇමැතිවරු පස් දෙනෙක් හා නියෝජිතයෝ දෙදෙනෙක් එම සාකච්ඡාව ජනපති ලේකම් කාර්යාලයයේ පැවැත්වෙන බව මාධ්‍යවේදීන්ට පවසමින් එම ස්ථානයෙන් පිටත්ව ගියහ.
කලින් විදියට එය සිදුකරන ලෙස ඉල්ලා සිටින බවත් මුදල් බලය පළාත් සභාවලට නොදෙනවානම් ආණ්ඩුකාරවරුන් පත්කිරීමද තේරුමක් නැති බවත් එයින් ජනාධිපතිවරයාද එක්තරා ලෙස හෑල්ලුවකට ලක්වන බවත් උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න මහතා පැවසීය.




