රාජගිරියේ මැල්වත්තේ පුද්ගලයකුට බැට් පිත්තකින් පහර දුන්නැයි වැලිකඩ පොලිසියට ලද පැමිණිල්ලෙන් තමාට එල්ල කර ඇති චෝදනා අසත්‍ය බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා වෙත ලිපියක් යවා ඇත.
රණතුංග මහතා එම ලිපියෙන් කියා ඇත්තේ තමාට පෞද්ගලික හෝ නිල නිවසක් රාජගිරිය මැල්වත්තේ නැති බවයි. පැමිණිල්ලේ සඳහන් වේලාවේ තමා ශ්‍රාවස්තියේ පැවැති ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේ සිටි බවත් රණතුංග මහතා එම ලිපියේ සඳහන් කර තිබේ.

