මහ ඇමතිවරු හිටපු ජනපති මහින්ද හමුවෙති


පළාත් හයක මහ ඇමැතිවරු අද (22) කොළඹ විජේරාම මාවතේ හිටපු ජනපතිවරයාගේ නිල නිවසේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.

හිටපු ජනපති හා මහ ඇමැතිවරුන් අතර එහිදී සාකච්ඡාවක් පැවැති බවත් එහිදී සාකච්ඡාවූ දේ පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැති බවත් වාර්තාවේ.

ඉසුරු දේවප්‍රිය, මහීපාල හේරත්, සරත් ඒකනායක, ශාන් විජයලාල්, චාමර සම්පත් දසනායක, ධර්මසිරි දසනායක යන මහ ඇමැතිවරුද ජී.එල්.පීරිස්, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, ගාමිණී ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන යන පිරිසද එම අවස්ථාවට එක්වූහ. 

IMG_2710 IMG_2719 IMG_2729 IMG_2735 IMG_7849