මහ ඇමති නාග විහාරයේ


68 වෙනි ජාතික නිදහස දිනයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ද ගායනා කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් සභා මහ ඇමති සී වී විග්නේෂ්වරන් දැඩි සතුට පල කරමින් (05) පළමු වතාවට යාපනයේ පිහිටි නාග විහාරයට ගොස් බුදුන් වැඳ පුද මහා සංඝරත්නය හමු වී සුහද පිළිසඳරක යෙදුනේය.

තමා මීට පෙර සිට නාගවිහාරයට ඒමට සැලසුම් කර සිටියත් ඒමට නොහැකි වූ බවත් ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමේ සතුට සංඝරත්නයට පළ කිරීමට කඩිනමින් පැමිණි බවත් විග්නේෂවරන් මහතා ප්‍රකාශ කළේය.

ජාතික ගීය දෙමළ භාෂාවෙන්ගායනා කිරීම සිංහල දෙමළ ජනතාව අතර සැබෑ සමගියක් හා එකමුතුවක් ඇතැයි හැඟී ගියේ යැයි ද පැවසීය.

‘‘සිංහල ජනතාව අපිව බලා ගන්න අඩියක් ඉස්සරහට ආවොත් අපි සිංහල ජනතාව ඉස්සරහට අඩි දහයක් එනවා කියල කියන්න සතුටුයි’’ උතුරේ මහ ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

කොළඹ ගාලු මුවදොර නිදහස් උළෙල අවසානයේ දී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරන විට එයට සහභාගී වී සිටි දෙමළ ජාතික සංධානයේ ආර්. සම්බන්ධන් මහතාගේ දෙනෙත සතුටු කඳුලින් පිරී ගිය බව එය දුටුවෝ කියති

cv_visit_naha_viharai_001 cv_visit_naha_viharai_002 cv_visit_naha_viharai_003 cv_visit_naha_viharai_004 cv_visit_naha_viharai_005 cv_visit_naha_viharai_006

02 01