(ඉන්දිකා රාමනායක)
වාලචේන පුනානි වැවේ මසුන් ඇල්ලීමට ගිය 23 හැවිරිදි තරුණයකු ඔහු විසින්ම එලන ලද මාළු දැලක පැටලී දියේ ගිලී මිය ගොස් ඇතැයි වාලචේන පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ පුනානි මයිල තැන්න ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු බව පොලිසිය කියයි.
අසනීප තත්ත්වයකින්මෙ පෙළෙන මෙම තරුණයා ට ස්ථිර රැකියාවක් නොමැති බවත් ඔහුු මාළු දැලක්ද රැගෙන පුනානි වැවේ මාළු ඇල්ලීමට ගොස් සිටියදීඔහු විසින්ම රැගෙන ගිය මාළු දැලේ පැටලී දිය ගිලී මිය ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

