මස් වැද්දෝ වනජීවි නිලධාරීන්ට පහර දෙති


(රෝහණ සමරවීර)

දඩ මස් සොයා සිදු කළ මෙහෙයුමක නිරත වූ වනජීවි නිලධාරින්  දෙදෙනකුට  සෙවනගල නලසිරිගම ප්‍රදේශයේදී මැර ප්‍රහාරයකට ලක්වීමෙන් රෝහල් ගතකළ බව උඩවලව වනජීවී කාර්යාලය පවසයි.

උඩවලව ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන වන සත්ව අඩව් ආරක්ෂක  එසේ තුවාල ලබා සිටිති.

එම මැරයන්ගේ මරණීය තර්ජන පවා වනජීවී නිලධාරීන්ට එල්ලකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත.

එම මෙහෙයුමේදී ගෝන මස්  ගෝනෙකුගේ හිසක්, තුවක්කු දෙකක්, බදින තුවක්ක කඳන් දෙකක්, ශීතකරණයක්, පා පැදියක්, ගෝන හමක්, යකඩ කැබැළි තොගයක්, මස් කැපීමට යොදා ගත් බව කියන පිහියා තුනක්, කම්බි තොගයක්, රතිඤ්ඤා තොගයක් සමග සැකකරුවන් හය දෙනකු අත් අඩංගුවට ගත් බව වනජීව්ය පවසයි.