කහතුඩුව පොල්ගස්ඔවිට උස්ඒදණ්ඩ ඇළේ අඩි 15 ක් යට තිබී අලුත්ම යතුරු පැදියක කොටස් සොයාගත් බව පොලීසිය කියයි.
කිලෝ මීටර් අටදහසක් පමණක් ධාවනය කළ මේ යතුරුපැදියේ තෙල් ටැංකිය අසල කැලෑවකින් ඊට පෙර සොයා ගැනිණි.
රෝද දෙක හා ෆෝක් අත වැනි කොටස් එහි නොවීය.අංකයක්ද නැති යතුරු පැදියේ කහ පැහැති රෙදි කැබැල්ලකින් පඩුරක් ගැට ගසා ඇති බව පොලීසිය කියයි.