මවුස් පුරෝගාමියා සමු ගනී


ඉ- මවුස් නමින් ලොව ප්‍රථම පරිගණක මූසිකය(මවුස්) නිර්මාණය කළ ඩග්ලස් එංගල්බර්ට් (88) මෙලොවින් සමුගත්තේය.

ඔහු විසින් 1960 දී මුල්ම මූසිකය නිර්මාණය කළේ ලෝහමය රෝද දෙකක් ඇති දැවමය ආස්තරණයක් ලෙසය.

විද්‍යුත් තැපෑල, ටයිප් කිරීම සහ වීඩියෝ සම්මන්ත්‍රණ ආදීය ගැන දිගු කාලීනව කැලිෆෝනියා පරීක්ෂණ ආයතනයේදී ඔහු පරීක්ෂණ සිදු කර ඇත.

ඔහුගේ මූසිකයට පේටන්ට් බලපත්‍රය ද හිමිවුණි.