මව් සෙනෙහස උතුරා යයි


අවුරුද්දක සිර දඬුවමකට යටත්ව සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් අද (2) නිදහස් කළ බව බන්ධනාගාර ආරංචි කියයි.

වීසා නොමැතිව ලංකාවේ රැඳී සිටීමේ වරදට කෑගල්ලේ කුමාර් ගුණරත්නම්ගේ මවගේ නිවසේදී ඔහු ගිය වසරේදී අත්අඩංගුවට පත්විණි.

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි කුමාර් ගුණරත්නම් ඕස්ට්‍රේලියා පුරවැසියෙකි. ඔහු මුලින්ම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව සිටි අතර ඔහු කවුදැයි නොදන්නා බව ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ ප්‍රසිද්ධියේ පැවසීය.

ඔස්ට්‍රේලියාවේ සිට පසුගිය ජනපතිවරණ සමයේදී ඔහු ශ්‍රී ලංකාවට පැමිණ දේශපාලන කටයුතුවල නියැළී සිටියේය.

මේ අතර ඔහුට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට තාවකාලික වීසා නිකුත් කැර ඇතැයි එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.

ඔහු පවසනුයේ කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවේ පුරවැසිකම ඉල්ලා ශ්‍රී ලංකාවේ ආගමන විගමන පාලකට අද ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කළ බවයි. එම ඉල්ලුම්පත්‍රය ගැන තීරණයක් ගැනීමට මාසයක් පමණ කල් ගත විය හැකි බව දන්වා ඇත.

IMG_8345 IMG_8340 IMG_8342

ජායාරූප - අතුල බණ්ඩාර

15317922_10209571544264278_1550803856556644251_n 15326482_10209571546984346_7668015432009777438_n15253453_10209571541904219_4151699769440904468_n 15326489_10209571543224252_6937434527351031510_n

(ඡායාරූප - ධම්මික මුණසිංහගේ ෆේස්බුක් ගිණුමෙනි)

IMG_4392 IMG_4393 IMG_4394 IMG_4395

ජායාරූප පුබුදු ජාගොඩගේ ෆේස්බුක් ගිණුම ඇසුරෙනි